සමහර සිංහල දේශපාලකයො ඉන්නවා, රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගෙ මන්ත්‍රි පුටුව රැකෙනවා නම්. සිංහල ජාතියට මේ රටේ අයිතිය නැති වෙනවා නම්, සිංහල ජාතිය දිනෙන් දින පිරිහෙනවා නම් මන්ත්‍රි පුටුව රැකිලා වැඩක් තියනවද?
මේ පළාත් සභා ක්‍රමය නිසා රට දැනටම බෙදිලා ඉවරයි. අනිත් පැත්තෙන් නගරාධිපතිලා, ප්‍රාදේශීය සභා සභාපතිලා, මහ ඇමතිලා ජනතා ප්‍රශ්න විසඳන්නෙ නෑ. මේ නගර සභා, ප්‍රාදේශීය සභා, පළාත් සභා විසුරුවා හැරලා පාර්ලිමේන්තුවෙන් මේ රට පාලනය කරන්න පටන් ගන්න ඕනේ. මේ හැම සභාවම එකතු උනාම මන්ත්‍රිලා දාස් ගානක් ඉන්නවා. මෙයාලා ඔක්කොම නඩත්තු කරන්නේ ජනතාව. මේ රටේ ජනතාවට ඔලුව උස්සන්න බැරි ඒකයි.
Tuesday, 11 May 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment