Sunday 16 May 2010

මහලේකම් වරයෙක් අවශ්‍යයි.

අපේ පක්‍ෂයට මහලේකම් වරයෙක් පත් කරන්නයි යන්නේ. දේශපාලනය, නීතිය පිළිබඳව දැනුම තියෙන ඕනෙම කෙනෙක් ඉල්ලුම් කරන්න. මුලින් ස්වේච්ඡාවෙන් ‍සේවය කරන්න ඕනේ. අපේ පක්‍ෂයට ව්‍යවස්ථාවක් හදලා, පක්‍ෂය ලියාපදිංචි කරගැනීමේ හැකියාව එයාට තියෙන්න ඕනේ. අපේ ඊ-මේල් ලිපිනයට ඉල්ලුම් කරන්න.

sinhalajp@gmail.com

Tuesday 11 May 2010

රටක් නැති මන්ත්‍රි පුටුව.

සමහර සිංහල දේශපාලකයො ඉන්නවා, රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගෙ මන්ත්‍රි පුටුව රැකෙනවා නම්. සිංහල ජාතියට මේ ‍රටේ අයිතිය නැති වෙනවා නම්, සිංහල ජාතිය දිනෙන් දින ‍පිරිහෙනවා නම් මන්ත්‍රි පුටුව රැකිලා වැඩක් තියනවද?

මේ පළාත් සභා ක්‍රමය නිසා රට දැනටම බෙදිලා ඉවරයි. අනිත් පැත්තෙන් නගරාධිපතිලා, ප්‍රාදේශීය සභා සභාපතිලා, මහ ඇමතිලා ජනතා ප්‍රශ්න විසඳන්නෙ නෑ. මේ නගර සභා, ප්‍රා‍දේශීය සභා, පළාත් සභා විසුරුවා හැරලා පාර්ලිමේන්තුවෙන් මේ රට පාලනය කරන්න පටන් ගන්න ඕනේ. මේ හැම සභාවම එකතු උනාම මන්ත්‍රිලා දාස් ගානක් ඉන්නවා. මෙයාලා ඔක්කොම නඩත්තු කරන්නේ ජනතාව. මේ රටේ ජනතාවට ඔලුව උස්සන්න බැරි ඒකයි.

Thursday 6 May 2010

සිංහල ජාතික පෙරමුණක්

සිංහල දේශපාලකයො දිනෙන් දිනම සිංහල ජාතිය පාවාදීමේ ක්‍රියාවලියක යෙදිලා ඉන්න බව පේන්න තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා සිංහල ‍ජාතිය රකින පුළුල් ජාතික පෙරමුණක් හදන්න. මුස්ලිම්, දෙමළ ඡන්ද වලට කත් අදින්නේ නැති, සිංහල ඡන්ද වලින් පමණක් ‍යැපෙන සිංහල ‍දේශපාලන පක්‍ෂයක් හදමු. සිංහල දේශපාලකයො ගැන කළකිරුණු සියලු සිංහල ජනතාවට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.

මහලු, වැඩිහිටි, තරුණ ඒ විතරක් නෙමෙයි ඡන්ද බලය නැති ළමයින්ට උනත් අපේ උතුම් අරමුණ වටා එකතු වෙන්න පුළුවන්. අපේ රටට, අපේ සිංහල ජාතියට ආදරේ කරන හැමෝම දැන් එකතු වෙන්න. ‍මේ දැන්ම එකතු වෙන්න. අපේ පක්‍ෂයට නමක් යෝජනා කරන්න. ඒ වගේම ඔබේ අදහස්, යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.